Monday, August 20, 2018

ලංකාවේ සුන්දර දියඇලි 3

බඹරකන්ද දියඇල්ල 

        ලංකාවේ උසින් වැඩිම දියඇල්ල ලෙසින් නම් කර ඇති මෙම දියඇල්ල බදුල්ල දිස්ත්‍රික්කයේ කලුපහන නම් ගම්මානයේ පිහිටා ඇත. හෝටන්තැන්න රක්ෂිතයේ මායිමක් ලෙසද හැදින්වීමට හැකිය. මෙම දියඇල්ලෙහි උස මීටර් 240.792කි. ලංකාවේ පිහිටා ඇති දියඇලි අතර උසින් වැඩිම දියඇල්ල ලෙස සලකන මෙම දියඇල්ල ලොකයේ දියඇලි අතරින් 299 වැනි ස්තානයට පත්ව ඇත. මෙම දියඇල්ලට දියවර සපයනු ලබන්නේ වලවේ ගගේ ශාඛාවක් වන කුඩා ඔයයි. 
        
            බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ සිට කිලෝමීටර් 5ක් පමණ කලුපහන ගම්මානය දෙසට ගමන් කළ විට බඹරකන්ද ඇල්ල නම් වූ සුන්දර දිය කොමලිය නෙත ගැටෙනු ඇත. දියඇල්ල මුදුනේ සිට එක වරම ජලාධාරාව පහළට කඩා වැටෙන අයුරු කාගෙත් නෙත් පිනවන දසුනකි. එසේම මෙම දියඇල්ල සුළං පහරට හසු වන විට ජලාධාරාව වළාකුළු බදුය.



          

               එසේම දියඇල්ල පාමුල කුඩා ජල තටාකයක් බදුය. දියඇල්ල නැරඹීමට පැමිණෙන පිරිස් මෙහි දිය නෑමට යොමු වන්නෙ එහි සුන්දර අත්දැකීමක් ලබාගැනීමටය. එලෙසම ගම්වැසියන්ගේ ජල තටාකයද මෙයම වේ. වැසි පවතින අවස්ථාවක මෙම ඇල්ල පාමුලට පැමිණීම සුදුසු නොවේ. මන්ද එවිට මෙහි ජල ප්‍රමාණය වැඩිවන බැවිනි. 




                තවද මෙම දියඇල්ල ඉහළට ගමන් කිරීම සදහා පසෙකින් මාර්ගයක් ඇත. මෙම මාර්ගය භාවිතා කරමින් ඉහළට යෑමට හැකිය. මෙම දියඇල්ල ඉහළට ගමන් කරන මාර්ගය ඇති පැත්ත පයින් වනයකි. මෙම පයින් ගස් අතරින් දියඇල්ලෙහි මුදුනට යෑම තවත් එක් සුන්දර අත්දැකීමකි. 

               දියඇල්ල මුදුනට ගිය පසු ඉතා මනස්කාන්ත ලෙස අවට දක්නට ලැබේ . ඉහළ  සිට පහල බලන අයකුට සිතෙනුයේ ලංකාව මෙතරම්ම සුන්දරද කියාය. සීතල සුළං රැල්ල නිසා ගත ප්‍රබෝධමත් වනවා සේම අවට පරිසරයේ මියුරු ස්වර රටා අප සිත් භාවනාවට යොමු කරනවා නොඅනුමානය. මෙම නොඉඳුල් පරිසරයේ පහස විදිනවා සේම එය නොඉඳුල්ව තැබීම අප කාගේත් වගකීමකි.

ජායාරූප අන්තරජාලයෙනි .

Tuesday, August 14, 2018

ලංකාවේ සුන්දර දියඇලි 2

රාවණා ඇල්ල 

     ඇල්ල නිම්නයේ පිහිටි සුන්දර මාර්ගයකි ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය. කෝඩුකාරයකු මෙම මාර්ගයේ ගමන් ගන්නේනම් ඔහුගේ ඇග හිරිගඩු නැගෙනු ඇත. මන්ද මෙම මාර්ගය වංගු සහිත මාර්ගයකි. මෙම මාර්ගයේ ගමන් කරන ඕනෑම අයකුගේ නෙත් පිනවන දසුනකි රාවණා ඇල්ල දිය කොමලිය. ප්‍රධාන මාර්ගයට යාබදව මෙම දියඇල්ල පිහිටා ඇත. ප්‍රධාන මාර්ගයේ කුමන අයුරකින් හෝ ගමන් කරන අයකුගේ නෙත ගැටෙනු ඇත. 
         රාවණා ඇල්ල පිළිබඳව අතීතය සොයා බලන විට රාවණ රජුගේ කාලය කියැවේ . මන්ද රාවණ රජු ඉන්දියාවට ගොස් සීතා කුමාරිකාව රැගෙන යලි ලංකාවට පැමිණි බව කවුරුත් දනී. එසේ රැගෙන ආ සීතාව සගවා තැබූ ගල් ගුහාව පිහිටා තිබෙන්නේද මෙම ඇල්ල නිම්නයේමය. රාවණ ගුහාව නමින් අදටත් ප්‍රසිද්ධ එම ගුහාවයි.
      රාවණා ඇල්ල නරඹන පිරිස් අතරින් කොටසක් දිය ඇල්ල ඉහළ කොටසට ගමන් කරයි. දියඇල්ලට පසෙකින් වැටී ඇති අඩ් පාර දිගේ ඉහළට ගමන් කළ හැකිය . තරමක් අසීරු මගක් වන මෙය ලිස්සා යන සුලුය. මෙම මග ඔස්සේ ඉහළට ගිය පසු දියඇල්ලේ පළමු කොටස වැටෙන තැන දැකිය හැකිය. එම ස්තානය විශාල ප්‍රමාණයේ දිය තටාකයක් බදුය. සමහර පිරිස් මෙහි දිය නෑමේ නිරතව සිටිනු දැකිය හැකිය. 
      අඹදන්ඩේගම නැතිනම් බඹරගම නම්වූ සුන්දර ගම්මානය හරහා ගලා බසිනා ඔයෙන් රාවණා දියඇල්ලට දියවර සපයයි. මෙසේ කඩා හැලෙන රාවණා දිය කොමලිය දේශීය විදේශීය සංචාරකයන් ගෙන් පිරී පවතින ලංකාවේ ප්‍රධාන පෙලේ දියඇල්ලකි. එසේම මෙම දියඇල්ල ආශ්‍රිතව ජීවිත හානි සිදු නොවන්නේද නොවේ. එම නිසා පරිස්සමෙන් යුතුව නැරඹීම කාගේත් වගකීමකි. 
                                                                              චායා රූප අන්තරජාලයෙනි 

Sunday, August 12, 2018

කෘමි ලොව තතු

පැණිබිගුන් 

       පැණි බිගුන් යනු පැණි වද සාදන කෘමි විශේෂයන්‍ වේ. බිගු යනු සිංහල සාහිත්‍යයේ මී මැස්සන් හැදින්වීමට යොදා ගන්නා නමකි. බිගුන්හට මිනිසුන් බියක් දක්වයි . මන්ද උන් මිනිසුන්ට පහර දෙන බැවිනි. එසේම මොවුන්ගෙන් පරිසරයට විශාල සේවයක් සිදුවේ. මල් වල පරාගනයට මෙම සතුන්ගෙන් විශාල මෙහෙයක් සිදුවේ. 
       
      මෙම බිගුන් තමාගේ සහ තම ජනපදයේ ආරක්ෂාව උදෙසා දෂට කරනු ලබයි. මේ සදහා ඔවුන් විත භාවිතා කරයි. පිරිමි මැස්සන් ගැහැණු මැස්සන් හා රැජින බිගු ජනපදයක ප්‍රධාන කොටස් වේ. මෙහිදී පිරිමි මැස්සන්ගෙන් එතරම් ප්‍රයෝජන නැත. ඔවුන්ගේ කාර්යය වනුයේ වර්ගය බෝකිරීම පමණි. පැණි වද සැකසීම පැණි රැස් කිරීම පැටවුන්හට සහ රැජිනට ආහාර සැපයීම ජනපදයේ ආරක්ෂාව ආදී සියලු කාර්යය ඉටු කරනුයේ ගැහැණු මී මැස්සන් විසිනි. ගැහැණු මැස්සන් පැටවුන් බෝකිරීමේ කාර්යය නොකරන අතර සේවිකා බිගුන් ලෙස ඔවුන් හදුන්වනු ලබයි.

           

පැණි බිගු රැජින 

            බිගු ජනපදයක ප්‍රධාන අංගය වනුයේ බිගු රැජිනයි. රැජිනක් නොමැතිව ජනපදයක් පවතින්නේ නැත. අනෙක් බිගුන් සමග බලන විට රැජින තරමක් විශාලය. රැජිනක් දිනකට බිත්තර 350 - 700 අතර ප්‍රමාණයක් දමයි. ජනපදය සිටින ස්තානය හැරයන අවස්ථාවේදී හැර රැජින කිසිදු අවස්ථාවක පිටතට නොපැමිණේ.


          ප්‍රධාන වශයෙන් පැණි බිගුන් කොටස් තුනකට බෙදා දැක්විය හැකිය.

  1. මී බිගුන් 
  2. බඹර බිගුන් 
  3. දඩුවැල් බිගුන් 


   මී බිගුන් (මී මැස්සන් )     

           මී මැස්සා මේ අතර ප්‍රධානය. පැණි නිශ්පාදන කර්මාන්තයේදී මීමැසි පාලනයට ප්‍රධාන ‍තැනක් හිමිවෙයි. මිනිසුන් හා මී මැස්සන් අතර ඉතා කිට්ටු සබදතාවක් ඇත. අතීතයේ සිට මී පැණි ඖෂධීය ඔසුවක් ලෙස භාවිතා කර ඇත. ආවරණය වු ස්තානයක වද බැදීම සිදුකරයි . ගස් බෙන හුඹස් ගල් කුහර ඒ සදහා තෝරාගනු ලබයි  

බඹර බිගුන් (බඹරා)


          බඹරා මී මැස්සාට වඩා තරමක් විශාලය. විවෘත ස්තානයක තනි වදයක් බදිනු ලැබේ. එසේම වහා කෝපවන සුලුය.විශාල ගස් වල ගල් ශිඛර වල ජීවත් වේ. පැණි එකතු කිරීමේදී ඉතා කඩිසරය. මල් පැණි පරාග පලතුරු යුෂ බඹර බිගුන්ගේ ආහාර වේ. බඹර බිගු පැණි මී පැණි තරම් ගණ නොවේ . එයට හේතුව බඹර බිගු පැණි තුළ ජලය වැඩි ප්‍රමාණයක් තිබීමයි .


   දඩුවැල් බිගුන් (දඩුවැල් මී මැස්සා)

           ඉහත සදහන් දෙවර්ගයටම වඩා කුඩා බිගුන් වර්ගයකි. විවෘත ස්තානයක කුඩා වදයක් තනයි බඹර බිගුන් මෙන් ආවේගශීලි නැත පොළොව මට්ටමේ සිට අඩි 7,12 පමණ උසකින් වදය තනයි. මේ සදහා කුඩා අතු භාවිතා කරයි .


ලොව පුරා පැණි බිගුන් වර්ග හතකි 

  1. ආසියාතික මී බිගුන් 
  2. බෝර්නියාවේ රතු මී බිගුන් 
  3. දඩුවැල් බිගුන් 
  4. බඹර බිගුන් 
  5. අප්‍රිකානු හා යුරෝපීය බිගුන් 
  6. තායි මලයානු දඩුවැල් බිගුන් 
  7. හිමාලේ බඹර බිගුන් 


 

Saturday, August 11, 2018

ලංකාවේ සුන්දර දියඇලි

සුරතලී ඇල්ල 

      සොබාදහමේ සොදුරු දායාදයක් වන සුරතලී ඇල්ල අප කාගේත් සිත් ඇද ගන්නා දියඇල්ලකි. තුරුලතා වන්ගෙන් හා සතුන්ගෙන් තවත් අලංකාර වු වටපිටාව නිසා අප සිත් සතුටු කරන්නට සමත් සොබාදහමේ තවත් නිර්මාණයක් ලෙස සුරතලී ඇල්ල හැදින්වීමට හැකිය. කොළඹ බදුල්ල මහා මර්ගයේ බෙලිහුල් ඔය පසුකර කිලෝමීටර් 7ක් පමණ ගිය පසු මෙම අලංකාර දියඇල්ල හමුවේ. ඌව සබරගමුව වෙන් කිරීමේ මායිමක් ලෙසද මෙම දියඇල්ල හැදින්වීමට හැකිය.
         උසින් මීටර් 60ක් පමණ වෙයි. එසේම කොටස් දෙකකින් යුක්තය. කඩවත් ඔයෙන් පෝෂණය වන මෙම දියඇල්ල මනාලියකගේ වේලයේ සිරි පෙන්වයි. අතීතයේ මරන්ගහ ඇල්ල ලෙසින් මෙම ඇල්ල හදුන්වා ඇත. 1950 දශකයේ ජනප්‍රිය වු සුරතලී චිත්‍රපටය මෙම ඇල්ල ආශ්‍රිතව රූප ගත කර ඇත. එම නිසා මෙම ඇල්ල වර්තමානයේ සුරතලී ඇල්ල නමින් ප්‍රසිද්ධියට පත්ව ඇත.

          නැරඹීමට පැමිණෙන සියලු දෙනාගෙන් සිත් සොරා ගන්නා මෙම ඇල්ල ඔවුන්ගේ විඩාව නිවා දමන්නේ සිතා ගත නොහැකි සිසිලසක් ගෙනදමිනි. මෙහි පැමිණි පිරිස් දිවා ආහාරය මෙහිදී සකස් කරගන්නා ආකාරයද දැකිය හැක. එසේම දියනෑමට කාගේත් සිත් ඇදී යයි. 

           තවද සිත් රිදවන කරුණක් වනුයේ මෙහි පැමිණි පිරිස් පරිසරයට කැලිකසල එකතු කිරිමයි. ප්‍රධාන මර්ගය අසල මෙම ඇල්ල පිහිටීම ද එයට හේතුවක් වී ඇත. මෙවැනි සුන්දර සොබාදහමේ උරුමයන් රැක ගැනීම අප කාගේත් කාර්යයි. එම නිසා අප එය සුරැකෙන ලෙසින් එහි සුන්දරත්වය විදිමු.





                               චායා රූප උපුටා ගැනීම අන්තරජාලයෙනි.