Monday, August 20, 2018

ලංකාවේ සුන්දර දියඇලි 3

බඹරකන්ද දියඇල්ල 

        ලංකාවේ උසින් වැඩිම දියඇල්ල ලෙසින් නම් කර ඇති මෙම දියඇල්ල බදුල්ල දිස්ත්‍රික්කයේ කලුපහන නම් ගම්මානයේ පිහිටා ඇත. හෝටන්තැන්න රක්ෂිතයේ මායිමක් ලෙසද හැදින්වීමට හැකිය. මෙම දියඇල්ලෙහි උස මීටර් 240.792කි. ලංකාවේ පිහිටා ඇති දියඇලි අතර උසින් වැඩිම දියඇල්ල ලෙස සලකන මෙම දියඇල්ල ලොකයේ දියඇලි අතරින් 299 වැනි ස්තානයට පත්ව ඇත. මෙම දියඇල්ලට දියවර සපයනු ලබන්නේ වලවේ ගගේ ශාඛාවක් වන කුඩා ඔයයි. 
        
            බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ සිට කිලෝමීටර් 5ක් පමණ කලුපහන ගම්මානය දෙසට ගමන් කළ විට බඹරකන්ද ඇල්ල නම් වූ සුන්දර දිය කොමලිය නෙත ගැටෙනු ඇත. දියඇල්ල මුදුනේ සිට එක වරම ජලාධාරාව පහළට කඩා වැටෙන අයුරු කාගෙත් නෙත් පිනවන දසුනකි. එසේම මෙම දියඇල්ල සුළං පහරට හසු වන විට ජලාධාරාව වළාකුළු බදුය.



          

               එසේම දියඇල්ල පාමුල කුඩා ජල තටාකයක් බදුය. දියඇල්ල නැරඹීමට පැමිණෙන පිරිස් මෙහි දිය නෑමට යොමු වන්නෙ එහි සුන්දර අත්දැකීමක් ලබාගැනීමටය. එලෙසම ගම්වැසියන්ගේ ජල තටාකයද මෙයම වේ. වැසි පවතින අවස්ථාවක මෙම ඇල්ල පාමුලට පැමිණීම සුදුසු නොවේ. මන්ද එවිට මෙහි ජල ප්‍රමාණය වැඩිවන බැවිනි. 




                තවද මෙම දියඇල්ල ඉහළට ගමන් කිරීම සදහා පසෙකින් මාර්ගයක් ඇත. මෙම මාර්ගය භාවිතා කරමින් ඉහළට යෑමට හැකිය. මෙම දියඇල්ල ඉහළට ගමන් කරන මාර්ගය ඇති පැත්ත පයින් වනයකි. මෙම පයින් ගස් අතරින් දියඇල්ලෙහි මුදුනට යෑම තවත් එක් සුන්දර අත්දැකීමකි. 

               දියඇල්ල මුදුනට ගිය පසු ඉතා මනස්කාන්ත ලෙස අවට දක්නට ලැබේ . ඉහළ  සිට පහල බලන අයකුට සිතෙනුයේ ලංකාව මෙතරම්ම සුන්දරද කියාය. සීතල සුළං රැල්ල නිසා ගත ප්‍රබෝධමත් වනවා සේම අවට පරිසරයේ මියුරු ස්වර රටා අප සිත් භාවනාවට යොමු කරනවා නොඅනුමානය. මෙම නොඉඳුල් පරිසරයේ පහස විදිනවා සේම එය නොඉඳුල්ව තැබීම අප කාගේත් වගකීමකි.

ජායාරූප අන්තරජාලයෙනි .

No comments:

Post a Comment