සුරතලී ඇල්ල
සොබාදහමේ සොදුරු දායාදයක් වන සුරතලී ඇල්ල අප කාගේත් සිත් ඇද ගන්නා දියඇල්ලකි. තුරුලතා වන්ගෙන් හා සතුන්ගෙන් තවත් අලංකාර වු වටපිටාව නිසා අප සිත් සතුටු කරන්නට සමත් සොබාදහමේ තවත් නිර්මාණයක් ලෙස සුරතලී ඇල්ල හැදින්වීමට හැකිය. කොළඹ බදුල්ල මහා මර්ගයේ බෙලිහුල් ඔය පසුකර කිලෝමීටර් 7ක් පමණ ගිය පසු මෙම අලංකාර දියඇල්ල හමුවේ. ඌව සබරගමුව වෙන් කිරීමේ මායිමක් ලෙසද මෙම දියඇල්ල හැදින්වීමට හැකිය.
උසින් මීටර් 60ක් පමණ වෙයි. එසේම කොටස් දෙකකින් යුක්තය. කඩවත් ඔයෙන් පෝෂණය වන මෙම දියඇල්ල මනාලියකගේ වේලයේ සිරි පෙන්වයි. අතීතයේ මරන්ගහ ඇල්ල ලෙසින් මෙම ඇල්ල හදුන්වා ඇත. 1950 දශකයේ ජනප්‍රිය වු සුරතලී චිත්‍රපටය මෙම ඇල්ල ආශ්‍රිතව රූප ගත කර ඇත. එම නිසා මෙම ඇල්ල වර්තමානයේ සුරතලී ඇල්ල නමින් ප්‍රසිද්ධියට පත්ව ඇත.
නැරඹීමට පැමිණෙන සියලු දෙනාගෙන් සිත් සොරා ගන්නා මෙම ඇල්ල ඔවුන්ගේ විඩාව නිවා දමන්නේ සිතා ගත නොහැකි සිසිලසක් ගෙනදමිනි. මෙහි පැමිණි පිරිස් දිවා ආහාරය මෙහිදී සකස් කරගන්නා ආකාරයද දැකිය හැක. එසේම දියනෑමට කාගේත් සිත් ඇදී යයි.
No comments:
Post a Comment