අතීතයේ ගොවි ජනයා මුල් කරගෙන ජනකවි නිර්මාණය වී ඇති බව පොදු පිලිගැනීමයි. එකල ගොවීන් දිවා රෑ නොබලා වෙහෙස මහන්සි වී වැඩ කර ජීවත් වූහ. මෙසේ වැඩ කල ජනයා බත බුලතින් රට ස්වයංපෝෂිත කිරීමට සමත් විය. එසේම තවත් කොටසක් කරත්ත කර්මාන්තයේද පතල් කර්මාන්තයේද ඔරු පාරු කර්මාන්තයේද යෙදෙමින් රට ගොඩනැගූහ.
මෙවන් කාර්යය වල යෙදෙමින් ජීවත් වූ ජනයා තම ගතට සිතට දැනෙන වෙහෙස මහන්සිය හා පාලුව කාන්සිය නැතිකර ගැනීමට පදවැල් ගෙතන ලදී. මෙසේ ගෙතූ නිදහස් පදවැල් රිද්මයකට අනුව ගායනා කරන්නට විය. මෙම නිදහස් නිර්මාණ පසු කලෙක ජනකවි ලෙසින් ප්රකට විය.
මෙලෙස බිහිවූ ජනකවිවලට තනි හිමිකරුවකු නොමැත. එසේම කවුරුන් විසින් කොතැනක කුමන කාලයේදී නිර්මාණය කරනලද නිර්මාණයක් දැයි කිව නොහැකිය. එසේම ඒ පිළිබඳ කිසිදු ලියවිල්ලක් සටහනක් නොමැත. කටවහරෙන් අද වනතෙක් මෙම නිර්මාණ පැමිණ ඇත.
මෙසේ නිර්මාණය වූ නිදහස් කවි වර්ග කීපයකට බෙදා දැක්වේ. පැල් කවි , කරත්ත කවි , පාරු කවි , ගොයම් කවි , නෙලුම් කවි , පතල් කවි ආදී වශයෙන් මෙම නිර්මාණ බෙදා දැක්වේ. අද වනවිට මෙම නිර්මාණ සමාජයෙන් දුරස් වෙමින් පවතියි.
පැල්කවි
කරත්ත කවි
ගොයම් කවි
නෙලුම් කවි
පතල් කවි
පාරු කවි
කුරහන් කවි
No comments:
Post a Comment