තුරඟා වන්නම 1

         අශ්වයකුගේ ගමන් විලාශය නිරූපණය කරමින් මෙම වන්නම නිර්මාණය කර ඇත. සිදුහත් කුමරුගේ මාහා අභිනිෂ්ක්‍රමණය සම්බන්ධ කරගෙන ගෙතූ වන්නමකි.


තිත :-    සුළු මැදුම් දෙතිත 1,2/1,2,3

බෙර මාත්‍රය :-  දොං ජිං ගත දොංත

තානම :-    තත් තත් තනත් තනෙන//
                    තත් තත් තනත් තම්ද නානා
                    තන තනෙන // තතන තම්දන තනෙන
                    තානාත් තනත් තම්ද නා නා

කවිය  :-    සත් වෙත් මහත් අදර ලත් යුත් සිදත් කුමරු                  
                 ගත් සිත් තොසත් පැවිදි ආංගා
                  ආණ කරන චන්නයෙන කන්ථකය අසුගෙනෙන
                  ගෙන එදින අසුගෙ පිට නැංගා
                  ගත් ගත් පයත් අසුගෙ ශබ්දත් වසත් සුරිදු                    
                   යන්නෙන් තොසින් තිදෙන සමගා
                  යන යනෙන කල තිදෙන එතැන තැන පසුව දැන
                  ගං තෙරට පත් වුනිය එමඟා
                  ලත් ලත් සිදත් තිදෙන වෙත් වෙත් එකක් පසුව
                  මුත් කන්ථකත් වේය තුරඟා
                  සිදු හසුන ගෙන වහන චන්න වලිගය අතින                
                  පැන්නෙත් එතෙර අනොම ගංගා
                  ගොත් සිත් මහත් රුසිරු ලත් යුත් සිදත් කුමරුගෙන්
                  සිත් රැගත් නෙරිත අංගා
                  තිදෙන පැන ගිය ගඟින එතැන අණ දෙන බැතින
                  යෙදුව නැණ වර්ණයෙන තුරඟා

කස්තිරම :-  කුඳ ගජිත /// කුඳතා /// කුඳ ගජිත කුඳතා //
                      කුඳතා කුඳතා කුඳ ගජිජි කුඳ ගජිජි කුඳ ගජිජි කුඳතා

සීරුමාරුව :- කුඳ ගජිත ගත දොංත ගජ්ජිත කුදත් තකට
                    කුඳ ගජිජි ගත දොංත දොංත දොංත

අඩව්ව :-  තත් තකට තක රොන් තක්කට කුඳ
                තකරොං තකරොන් ගජිං ජිකුඳ කිටිතකට
                කුංදත් තක රොන් /



1     2     3     4  

No comments:

Post a Comment