කිරළා නම් වූ පක්ෂියාගේ ජීවන රටාව අලලා ගෙතූ වන්නමකි. මෙයින් මෙම පක්ෂියාගේ හැසිරීම වර්ණනා කර ඇත.
තිත :- මැදුම් මහ තනි තිත
බෙර මාත්‍රය :- දොන ජිං ජිං තකට දෝං තක
තානම :- තම් දෙන තතන තනා තන තම්දන තතන තනා
තෙයි තන තතන තනා තන තම් දෙන
තෙයි තන තතන තනා
කවිය :- සන්න සොළෝ පෙළ දන්න ලෙසින්
උපතින්න බලා සකලා
ඉන්න තුරින් ඉගිලෙන්න පලින් පල
කින්න බොජුන් සොයලා
දන්න හඩින් තුඩ ගින්න නැඟුම් ස්වර
යෙන්න ඉසින් දැකලා
ඔන්න මෙදැන් පවසන්නේ සිරින් යුතු
වන්නම මයි කිරළා
කස්තිරම :- කුඳ ගජිත් තක තකට කුදෙක් දෝජතා
සීරුමාරුව :- තකු තක තරිකිට කුංදත් ගජ්ජිත් තකජිත් කුන්දත්
තකුතක තරිකිට කුංදත් දෝංතා
අඩව්ව :- තත්ත තරි තරි කතිරි තරි තරි රුගත ජිම් ජිම්
තිතිත් තෙයි තිතිත් තෙයි තතත් ජිත් ජිත් තොතොං
නං නං රුදක ජිම් ජිම් තිතිත් තෙයි
1 2 3 4
No comments:
Post a Comment