සිංහරාජයෙකු ගැන කියෙවෙන වන්නමකි. ඉබ්බෙකු කළ කපටි වැඩක් හේතුවෙන් ළිඳකට වැටුණු සිංහයෙක් ගැන වර්ණනා කෙරේ.
තිත :- සුළු තනි තිත 1,2/1,2බෙර මාත්‍රය :- දොම් කිත කිත දොම්
තානම :- තනත් තනෙන තම් දනත් තනෙන තම් තනත්
තනෙන තාම්දන තනා තනත් තනෙන තම්
දනත් තනෙන තාම් තනත් තනෙන තාම්දන තනා
කවිය :- පෙරත් කලෙක සිහ රජෙක් වැටුණි මහ
ළිඳක් තුලක ඉබි රජෙක් කරපු වැඩ
හැරත් මෙහෙම යස වැඩක් උනේ නැත
චිරත් කලෙක පැතුමක් යසයි හැඩ
දුරත් බැලුම නොව ළඟත් බලන අය
හටත් එලෙසමය කැටත් තබම් දඩ
වටත් අයට දැනෙනටත් කියම් මම
රටක් වටින සිහරජ වන්නම හැඩ
කස්තිරම :- රුං තක ජිං තක තරිකිට කුංදං///
තාග්ග ජිංතක තරිකිට කුංදං
රුං තක ජිං තක තරිකිට කුංදත් තා
සීරුමාරුව :- තකු තක ජිජි කුඳ ගජිත ගජිත කුඳ
ගජිගත දොද් දොං තා
අඩව්ව :- තත් තොඟ තක තොඟ තක්කඩ තරිකිට
තක තොඟ තකට ජිකට තොඟ ජික්කඩ තරිකිට
තක තොඟ තා කුජිංත ගත දොම්කිත
තරිකිට කුංදත් තා
1 2 3 4
No comments:
Post a Comment