පැණිබිගුන්
පැණි බිගුන් යනු පැණි වද සාදන කෘමි විශේෂයන් වේ. බිගු යනු සිංහල සාහිත්‍යයේ මී මැස්සන් හැදින්වීමට යොදා ගන්නා නමකි. බිගුන්හට මිනිසුන් බියක් දක්වයි . මන්ද උන් මිනිසුන්ට පහර දෙන බැවිනි. එසේම මොවුන්ගෙන් පරිසරයට විශාල සේවයක් සිදුවේ. මල් වල පරාගනයට මෙම සතුන්ගෙන් විශාල මෙහෙයක් සිදුවේ.මෙම බිගුන් තමාගේ සහ තම ජනපදයේ ආරක්ෂාව උදෙසා දෂට කරනු ලබයි. මේ සදහා ඔවුන් විත භාවිතා කරයි. පිරිමි මැස්සන් ගැහැණු මැස්සන් හා රැජින බිගු ජනපදයක ප්‍රධාන කොටස් වේ. මෙහිදී පිරිමි මැස්සන්ගෙන් එතරම් ප්‍රයෝජන නැත. ඔවුන්ගේ කාර්යය වනුයේ වර්ගය බෝකිරීම පමණි. පැණි වද සැකසීම පැණි රැස් කිරීම පැටවුන්හට සහ රැජිනට ආහාර සැපයීම ජනපදයේ ආරක්ෂාව ආදී සියලු කාර්යය ඉටු කරනුයේ ගැහැණු මී මැස්සන් විසිනි. ගැහැණු මැස්සන් පැටවුන් බෝකිරීමේ කාර්යය නොකරන අතර සේවිකා බිගුන් ලෙස ඔවුන් හදුන්වනු ලබයි.
පැණි බිගු රැජින
බිගු ජනපදයක ප්‍රධාන අංගය වනුයේ බිගු රැජිනයි. රැජිනක් නොමැතිව ජනපදයක් පවතින්නේ නැත. අනෙක් බිගුන් සමග බලන විට රැජින තරමක් විශාලය. රැජිනක් දිනකට බිත්තර 350 - 700 අතර ප්‍රමාණයක් දමයි. ජනපදය සිටින ස්තානය හැරයන අවස්ථාවේදී හැර රැජින කිසිදු අවස්ථාවක පිටතට නොපැමිණේ.
ප්‍රධාන වශයෙන් පැණි බිගුන් කොටස් තුනකට බෙදා දැක්විය හැකිය.
- මී බිගුන්
- බඹර බිගුන්
- දඩුවැල් බිගුන්
මී බිගුන් (මී මැස්සන් )
මී මැස්සා මේ අතර ප්‍රධානය. පැණි නිශ්පාදන කර්මාන්තයේදී මීමැසි පාලනයට ප්‍රධාන තැනක් හිමිවෙයි. මිනිසුන් හා මී මැස්සන් අතර ඉතා කිට්ටු සබදතාවක් ඇත. අතීතයේ සිට මී පැණි ඖෂධීය ඔසුවක් ලෙස භාවිතා කර ඇත. ආවරණය වු ස්තානයක වද බැදීම සිදුකරයි . ගස් බෙන හුඹස් ගල් කුහර ඒ සදහා තෝරාගනු ලබයිබඹර බිගුන් (බඹරා)
බඹරා මී මැස්සාට වඩා තරමක් විශාලය. විවෘත ස්තානයක තනි වදයක් බදිනු ලැබේ. එසේම වහා කෝපවන සුලුය.විශාල ගස් වල ගල් ශිඛර වල ජීවත් වේ. පැණි එකතු කිරීමේදී ඉතා කඩිසරය. මල් පැණි පරාග පලතුරු යුෂ බඹර බිගුන්ගේ ආහාර වේ. බඹර බිගු පැණි මී පැණි තරම් ගණ නොවේ . එයට හේතුව බඹර බිගු පැණි තුළ ජලය වැඩි ප්‍රමාණයක් තිබීමයි .
No comments:
Post a Comment