රාවණා ඇල්ල
ඇල්ල නිම්නයේ පිහිටි සුන්දර මාර්ගයකි ඇල්ල වැල්ලවාය ප්රධාන මාර්ගය. කෝඩුකාරයකු මෙම මාර්ගයේ ගමන් ගන්නේනම් ඔහුගේ ඇග හිරිගඩු නැගෙනු ඇත. මන්ද මෙම මාර්ගය වංගු සහිත මාර්ගයකි. මෙම මාර්ගයේ ගමන් කරන ඕනෑම අයකුගේ නෙත් පිනවන දසුනකි රාවණා ඇල්ල දිය කොමලිය. ප්රධාන මාර්ගයට යාබදව මෙම දියඇල්ල පිහිටා ඇත. ප්රධාන මාර්ගයේ කුමන අයුරකින් හෝ ගමන් කරන අයකුගේ නෙත ගැටෙනු ඇත.
රාවණා ඇල්ල පිළිබඳව අතීතය සොයා බලන විට රාවණ රජුගේ කාලය කියැවේ . මන්ද රාවණ රජු ඉන්දියාවට ගොස් සීතා කුමාරිකාව රැගෙන යලි ලංකාවට පැමිණි බව කවුරුත් දනී. එසේ රැගෙන ආ සීතාව සගවා තැබූ ගල් ගුහාව පිහිටා තිබෙන්නේද මෙම ඇල්ල නිම්නයේමය. රාවණ ගුහාව නමින් අදටත් ප්රසිද්ධ එම ගුහාවයි.
රාවණා ඇල්ල නරඹන පිරිස් අතරින් කොටසක් දිය ඇල්ල ඉහළ කොටසට ගමන් කරයි. දියඇල්ලට පසෙකින් වැටී ඇති අඩ් පාර දිගේ ඉහළට ගමන් කළ හැකිය . තරමක් අසීරු මගක් වන මෙය ලිස්සා යන සුලුය. මෙම මග ඔස්සේ ඉහළට ගිය පසු දියඇල්ලේ පළමු කොටස වැටෙන තැන දැකිය හැකිය. එම ස්තානය විශාල ප්රමාණයේ දිය තටාකයක් බදුය. සමහර පිරිස් මෙහි දිය නෑමේ නිරතව සිටිනු දැකිය හැකිය.
අඹදන්ඩේගම නැතිනම් බඹරගම නම්වූ සුන්දර ගම්මානය හරහා ගලා බසිනා ඔයෙන් රාවණා දියඇල්ලට දියවර සපයයි. මෙසේ කඩා හැලෙන රාවණා දිය කොමලිය දේශීය විදේශීය සංචාරකයන් ගෙන් පිරී පවතින ලංකාවේ ප්රධාන පෙලේ දියඇල්ලකි. එසේම මෙම දියඇල්ල ආශ්රිතව ජීවිත හානි සිදු නොවන්නේද නොවේ. එම නිසා පරිස්සමෙන් යුතුව නැරඹීම කාගේත් වගකීමකි.
චායා රූප අන්තරජාලයෙනි
No comments:
Post a Comment