නෛආඩි වන්නම 3

             නාග ලෝකයේ වරෙක අප මහා බෝසතානන් වහන්සේ උපත ලැබීය. උන්වහන්සේගේ එම කාලය වර්ණනා කරන වන්නමකි.

තිත :-   මැදුම් මහ දෙතිත
බෙර මාත්‍රය :-  දොං ජිං ජිං තකට තකු
තානම :-  තෙම් තෙනෙ නම් තෙනෙ නා නා තෙනෙන
                 තෙනම් තෙනෙ නම් තෙනෙ නා නා
කවිය :-  ඉපිද එබොසත් නා ලොව          වරෙක
                පැහැද රකිති සිල් නරලොව     වනයක
                බොවද දෙමින් අල්ලා අහි         කුණ්ඪික
               පැහැක ලමින් නටවා දුක් දී       නෙක

               අන්දමකින් ඉද පෙණය              නගායේ
               සන්දම මෙන් දැහැඩින්               වකලායේ
               රන්දම මෙන් ගත වටින            දිලීයේ
               පන්දම ලෙස දින දී                      නටවායේ

              බෝ කොළ අන්දම් පෙණය        නගායේ
              නාකොළ අන්දම් පෙණ               අකුළායේ
              ලෝතුල රන්දම් සිරිනි                 දිගායේ
              ඒ කුල සතරක් පෙර සිට            ආයේ

             දිගා සිරුර කොටසක් අකුලා      මුඩි
             නගා ගතය ලෙලවා කරමින්      දැඩි
             රඟා සිරින්පිඹ්මින් නදයෙන්      වැඩි
             නගා අසන් මෙම වන්නම           නෛආඩි

කස්තිරම :-  කුද ගජිත් තකට කුදෙක් දොං තා
සීරුමාරුව :-  තකු තක තරිකිට කුංදත් ගජ්ජිත් තකජිත් කුන්දත්
                         තකු තක තරිකිට කුංදත් දෝංතා
අඩව්ව :-  තතත් තරි තරි කතරි තරි තරි රුගත ජිමි ජිමි
                  තිතිත් තෙයි තිතිත් තෙයි තතත් ජිත් ජිත් තොතොං
                  නං නං රුදක ජිමි ජිමි තිතිත් තෙයි

1     2     3     4    

No comments:

Post a Comment