වී ගොවිතැන අතීතයේ සිට පැවත එන කර්මාන්තයකි. එහිදි ගොයම් කැපීම බොහෝ දුරට සිදුවන්නේ ගෙවිලියන් අතිනි. එම අවස්ථාවේ ඔවුන් විසින් ගායනා කල කවි ගොයම් කවි නම්වේ.
රන් දෑකැති ගෙන නිති සැරසෙනවා
රත්ත්‍රං පටි ඉන වට දිලිසෙනවා
හිරු දුටු පිණිබිඳු සුළඟේ යනවා
දුම්බර කෙතේ අපි ගොයම් කපනවා
වරම් ගතිමි ඉර සඳ දෙවි අතින් වරම්
වරම් ගතිමි මිහිකත දෙවි අතින් වරම්
වරම් ගතිමි සකවල දෙවි අතින් වරම්
වරම් ගොයම් කැපුමට දෙවිදුන්ගෙන් වරම්
වරම් වරම් මට මහ බඹු අතින් වරම්
වරම් වරම් දෙවි ඉසිවර අතින් වරම්
වරම් වරම් සක් දෙවි රජ අතින් වරම්
වරම් ගොයම් කැපුමට හැමගෙන්ම වරම්
උඩින් සිටින හිරු දෙවියෝ සෙවන කරා
බිමින් සිටින මිහිකත දෙවි කලස දරා
වටින් සිටින හැම දෙවියෝ අරක් කරා
ඉතින් කපමු අපි එකතුව ගොයම් පුරා
ඉනේ බලාපන් ඉනවට සේල බලාපන්
අතේ බලාපන් අතවට වළලු බලාපන්
කරේ බලාපන් කරවට මාල බලාපන්
දැදුරු ඔයෙන් ආ එතනගෙ ඔමරි බලාපන්
වැවේ යන්ට බැරි මැණිකේ වැව බොර වෙනවා
මලේ යන්ට බැරි මැණිකේ රේණු තැලෙනවා
ගලේ යන්ට බැරි මැණිකේ විලුඹ රිදෙනවා
කවි කියලම දැන් මැණිකේ උගුර රිදෙනවා
මං සොඳ දෙවි වැද අවසර ගන්නේ
පෙම් වඩවන කවි නිතර කියන්නේ
ඉන් වරදක් මුත් දුර ලන්නේ
පින් ඇති සැම දෙවි අවසර දෙන්නේ
No comments:
Post a Comment