පැල්කවි

               අතීතයේ හේනේ කුඹුරේ පැල් රකින්නට ගිය ගොවියෝ පැලේදී කාන්සිය පාලුව නැතිකර ගැනීමට හා වගාව වන සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීමට පැල තුලදී කියන ලද කවි පැල් කවි ලෙස හැදින්වේ. එක් පැලකින් කවියක් කී විට තවත් පැලකින් තව කවියක් කියයි. මේ අයුරින් ගොවීන් කීපදෙනෙකුගේ එකතුවක් මේතුල දැක්ක හැකිය.

පෙර කාලේ තැනූ පැල දැන්                           දිරාලා
එම කලේ බැඳපු වැට ගොනු                       කඩාලා
පැල්පතේ ගොයම් රෑ රැක                           බලාලා
නිදිමතේ කියමු පැල් කවි                         ගොතාලා

ලස්සන හිමවතේ මාවී                     පැසෙන්නේ
දුක්දෙන අලි ඇතුන් පන්නා                  දමන්නේ
රැක්මෙන් දෙවියනේ වෙල බත්           බුදින්නේ
දුප්පත් කම නිසයි මා පැල්                  රකින්නේ

කැලේ ගොසින් ඉනිකැපුවා කැත්ත       දනී
වෙලේ ගොසින් වැට බැන්දා නියර       දනී
පැලේ ගොසින් පැල් රැක්කා පැදුර        දනී
මෙදා යලේ වී නැතිබව කුඹුර               දනී

පැලේ පැදුර සුළඟට වැනි                  වැනීයේ
වැවේ වතුර වැල්ලට සිඳි                     සිඳීයේ
වෙලේ ගොයම් පින්නට පැසි            පැසීයේ
අනේ මෙවන් දුක දෙවිඳුට                පෙනීයේ

දුර එනකොට දුනුකෙයියා මලක්             වගෙයි
ලඟ එනකොට වැටකෙයියා මලක්        වගෙයි
ගෙට එනකොට හරියට රන් රුවක්       වගෙයි
මගෙ මැණිකේ මට මානෙල් මලක්        වගෙයි

වෙල හොඳ මොකද යලමහ පාලු                වේනම්
පැල හොඳ මොකද පොද වැස්සට තෙමේ        නම්
මල හොඳ මොකද අතු අග පරවී                  යානම්
ලිය හොඳ මොකද පතිදම්           නොරකිනවානම්

යලමහ දෙකටමයි ගොවිතැන්             කරන්නේ
පවපින අනුවමයි අස්වනු                  ලැබෙන්නේ
හේනේ පැලේ ඉඳ පැල්කවි                    කියන්නේ
රුහුණේ ගොවියොමයි ගොවිතැන්     කරන්නේ

කන්ද උඩින් එන කිකිලිය                 ගෝමරියේ
නලල් වටින් එන දාඩිය මුතු                   කැටියේ
අතපාමුදු පයපාමුදු වයි                        රොඩියේ
මට පිටුපා ගෙට යනවද                    සුරතලියේ

කන්දෙ ගලේ වී වැපුරුවෙ     මනාවයි
ඒක කන්ට කක්කුට්ටන්       දෙබානයි
රන් එතනා හිස පීරන             පනාවයි
බට්ටිච්චිගෙ ගී ඇසුවම         හිනාවයි

විලපාලුයි වලදමලා කොක්කු            ගියා
මල පාලුයි මල දමලා බඹරු               ගියා
ගහ පාලුයි පිපි මල් පරවෙලා             ගියා
මට පාලුයි රංමැණිකා දීග                    ගියා

No comments:

Post a Comment