කුරහන් කවි

එදා සමාජයේ ප්‍රධානගොවිතැන වූයේ වී ගොතැනයි. එසේම අමතරව දෙවෙනි වගාවක් ලෙසින් කුරහන් වගාව සිදුකළහ. මෙය හේන් වගාවක් විය. එහිදි කුරහන් වගා කිරීමේ දී සහ ඒ සම්බන්ධ අනෙකුත් කාර්යය වලදී මෙම කවි ගායනා කර ඇත.

දුරුතු මහේ දී කැලයට                     වැදිලා
මසක් පමණ කල් කැලවල්          කොටලා
මැදින් දිනේ දී වල් ගිනි                     තබලා
කුරහන් ඉසිමුව කළුවර                  බලලා

හේනේ පැලේ මා විදිනා           සුරුක්කන්
ඌරෝ ඇවිත් වට පිට කරති       සක්මන්
වැටටත් උඩින් උන් අල්ලන     මලක්කන්
අපොයි මගේ කිරි වදිනා          කුරක්කන්

එපෙති දෙපෙති මහ හේනේ   කුරක්කන්
මඟ යන්නෝ මට සරදම්           කරන්නේ
එපෙති වෙන්ඩ කවුදැයි කළ    නරක්කන්
කපා ගනිමු එක පෙත්‍ තේ       කුරක්කන්

මෙදා හේනෙ පැහිලා ඇති         කුරක්කන්
රන්වන් කරල් බරවී ඇති         සුරුක්කන්
ඌරෝ නොකෑවොත් හේනේ    කුරක්කන්
බඩගිනි අවුසදයකි මේ             කුරක්කන්

සරුවට වැඩී එන කුරහන් කරල        දැක
බඩ පිරෙනවා අප සැමගේ දුරුව         දුක
කාලය එළැඹී ඇත කුරහන් කරල      දැක
කුරහන් හේන හිනැහෙනවා දුරුවී     දුක

පිණිබර කුරක්කන් කිරි වදිනා       වේලේ
ඉණිවැට කඩා එති ඌරෝ රෑ          කාලේ
මිණි කිංකිණි හඬ පරයයි උගෙ     තාලේ
වැනි වැනි කියා ඇදපන් සීපද          තාලේ

No comments:

Post a Comment